Share Now

Share Now

Tuesday, April 7, 2020

ඔයාගේ සැබෑම සිහිනය දරුවාගේ සාර්ථකත්වයද?




* ඔයාට පුංචි දරුවෙක් ඉන්නවද?
* නැත්තන් ඔයා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ගැබිණි මවක්ද?
* සමහර විට ළඟදී විවාහ වුණ ඔයා තාම දරුවෙක් ගැන හිතලා නැතුවත් ඇති. කමක් නෑ.

ඒ කොහොම උනත්,
ඔයාට ඔයාගේ දරුවා ගැන මොකක් හරි හීනයක් තියෙනවද?

·         දරුවා නිරෝගි වෙන්න ඕන.
·         දරුවා ශක්තිමත් වෙන්න ඕන.
·         දරුවා බුද්ධිමත් වෙන්න ඕන.
·         දරුවා අනිත් සම වයසේ ළමයි හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්න ඕන.
·         දරුවා පන්තියේ පළවෙනියා වෙන්න ඕන.
·         දරුවා ලොකු වෙලා රටට සමාජයට හොඳ වැඩදායී කෙනෙක් වෙන්න ඕන.

අම්මලා තාත්තලා හැමෝම ඔහොම තමයි. තමන්ගේ දරුවා හැම අතින්ම පරිපූර්ණ වෙනවට හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම ආසයි.
දරුවා මේ වගේ ඉදිරියටම යවන්න ඔයාට දරුවා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න හිතේ ඇති. දරුවා ගැන හීන ගොඩාක් ඔයාට ඇති.

දරුවෙක් හදනව කියන්නේ ඉස්සර අපේ අම්මලා අපිව හැදුව වගේ පහසු කටයුත්තක් නෙමේ දැන් කාලේ. ඉතිං ඔයාට දරුවා ගැන හිතේ තියෙන හීන ඔක්කොම සැබෑ කරගන්න නම් ඔයාට ගොඩාක් දේවල් හොයාගන්න, දැනගන්න, ඉගෙන ගන්න වෙනවා.

දරුවට ඉබේ හැදෙන්න ඉඩ දුන්නොත් දරුවා කොහොම හැදෙයිද, මොනවා කරගනීද, කොහෙන් කෙළවර වෙයිද කියලා හිතාගන්නවත් බෑ නේද? ඔව්. දැන් කාලයේ අහන්න ලැබෙන කතා එක්ක සමාජයේ තියෙන නරක ප්‍රවණතා එක්ක දරුවා ගෙදරින් එලියට බැස්සට පස්සෙ කොහේ යනවද, මොනව ඉගෙන ගන්නවද, මොනව කරනවද කියල අපිට දැනගන්නවත් ලැබෙන්නේ නෑ. එන්න එන්නම දැන් දරුවනුත් ඒ කාලෙ හිටි අපිට වඩා බුද්ධිමත්. නරක වැඩක් කරත් ලේසියෙන් අහු වෙන්නැති වෙන්න කරන්න තරම් දැන් දරුවන් බුද්ධිමත් වෙලා.

ඉතිං හොඳම දේ තමයි චූටි කාලේ ඉඳලම දරුවට හරි විදියට හොඳ දරුවෙක් වෙන්න මග පෙන්වන එක.
ඉතිං ඔයා මුල ඉඳලම දරුවව හරි පාරේ ගෙනියන්න නම් ඔයාට ගොඩක් දේවල් ගැන දරුවා චූටි කාලේ ඉඳලම, හරියටම කියනව නම් දරුවා ඉපදෙන්නත් කලින් ඉඳලම  ඉගෙන ගන්න, දැන ගන්න, තේරුම් ගන්න වෙනවා.
  • ඔයා කොහෙන්ද මේ දේවල් ඉගෙනගන්නේ?
  • කාගෙන්ද ඔයා මේවා අහගන්නේ?
නොදන්න කෙනෙක්ගෙන් අහගන්න බෑනේ. විස්වාසවන්ත කෙනෙක්ගෙන්ම අහගන්න ඕන.
  • එහෙම, ඔයාට ඕන හැමදේම දන්න, ඒව ඔයාට කියල දෙන්න කැමති, විස්වාසවන්ත කෙනෙක් ඔයාට ඉන්නවද?
 නැහැයි කියලා දුක් වෙන්න ඕන නෑ. "නැණවත් මව" ඉන්නෙ ඒකට.

ඔයාගේ දරුවව මුල ඉඳලම හරි පාරෙ යවන්න පුලුවන් අම්මටයි තාත්තටයි විතරයි. ඒ කියන්නේ ඔයාට විතරයි. දරුවෙක් පොඩි කාලේ ඉඳලම අම්මට තමයි ගොඩක්ම ආදරේ/ලැදි. පුතාලා වැඩියෙන් අම්මලට ආදරෙයි, දූලා වැඩියෙන් තාත්තලාට ආදරෙයි කිව්වට අම්මා කියන දේට පිටින් යන්නෙ නෑ දුවෙක් උනත් පුතෙක් උනත්. ඉතිං හොඳ හැදියාව, හොඳ ගුණ ධර්ම දරුවට පොඩි කාලෙ ඉඳලම කියලා දෙන්න ඕන ඔයා. දරුවගේ යහපත් ආකල්ප වර්ධනය කරන්න ඕන ඔයා. මොකද දවසේ වැඩි හරියක් තාත්තා ගෙදර නැති නිසා. හැබැයි තාත්තට උනත් ගෙදර ඉන්නවා නම් මේ දේවල් කරන්න පුලුවන්. අනිවාර්යෙන් තාත්තලත් මේ දේවල් කරන්න ඕන. අම්මගේ වැඩක් කියලා මගහරින්න එපා. මේක ඔයාගේ දරුවගේ අනාගතය ගැන දෙයක්.

ඉතිං, ඔයා දරුවගේ අම්මා විදියට ඉටු කරන යුතුකම් වගකීම් මෙතෙකැයි කියලා නිම කරන්න බෑ. එක පාරක් අම්මා කෙනෙක් උනාම ඔයා හැමදාටම අම්මා කෙනෙක්. ඔයා මැරෙන දවස වෙනකන්ම ඔයා දරුවන් වෙනුවෙන් කරන දේවල් වල අඩුවක් නෑ. ඔයාගේ ඇඟපත වාරු නැති කාලේ උනත් ඔයා දරුවට කියලා දෙන දේවල්, උපදෙස් උනත් දරුවට ගොඩාක් වටිනවා.
  • ඉතින් ඔයා දරුවට දිනපතා කියලා දෙන දේවල් හරි දේවල්ද කියලා ඔයා හිතලා බැලුවද?
  • නැත්තන් ඔයා දරුවට දැනට කියලා දෙන දේවල් ප්‍රමාණවත්ද?
  • ඔයා කරන කියන දේවල් වලින් දරුවාගේ පෞරුෂය වර්ධනය වෙනවද?
  • දරුවට දවසක සමාජයට මුහුණ දෙද්දි, ගැටිලා වැඩ කරද්දී ඔයා දරුවාට දී ඇති ගුරු හරුකම් ප්‍රමාණවත්ද?
ඔයා කියලා දෙන දේවල් වලට වඩා ගොඩක් දේවල් දරුවා ඉස්කෝලෙන්, අමතර පන්ති වලදී, යාලුවන්ගේ ගෙවල් වලදී, දහම් පාසලේදී, නෑදෑ ගෙවල් වලදී මිතුරන්, නෑදෑයින් සහ වෙනත් අය ඇසුරු කිරීමෙන් ඉගෙන ගනීවි.

දරුවා මෙහෙම ඉගෙන ගන්න ඒවයින් කොටසක් හොඳ දේවල් වේවි. නමුත් සමහර දේවල් නරක දේවල් වේවි.
  • දරුවා හොඳ, නරක හරි හැටි තෝරා බේරා ගෙන වැඩ කරාවිද?
  • දරුවා හොඳ දේවල් විතරක් ජීවිතයට ළං කර ගනීවි කියලා ඔයාට සහතික වෙන්න පුළුවන්ද?
  • දරුවා නරක දේවල් ජීවිතයට ළං කරගන්නෙ නෑ කියලා ඔයාට සහතික වෙන්න පුළුවන්ද?
පොඩ්ඩක් හිතල බලන්නකෝ.
  • මේ කියපු කිසිම දෙයක් ගැන ඔයාට සහතික වෙන්න බෑ නේද?
  • එහෙනම් මේ විදියට ඔයාගේ දරුවා හරි පාරේ තමයි යන්නේ කියලා ඔයාට සහතික වෙන්නත් බෑ නේද?
  • ඒ නිසා දරුවා වෙනුවෙන් ඔයා මේ කරන දේවල් ප්‍රමාණවත් කියලා ඔයාට සැනසිල්ලේ ඉන්න පුළුවන්ද?
බෑ නේද?

මේ කාර්ය බහුල ජීවන රටාවත් එක්ක දරුවා අම්මගෙන්, තාත්තගෙන් නැත්තන් ආච්චිගෙන්, සීයගෙන් හැර බාහිර පරිසරයෙන් ලබන ඉගෙනුම වැඩියි. ඔයාගේ දරුවා මුල් අවුරුදු 7 තුළ ලබන මේ අවිධිමත් ඉගෙනීම දරුවාගේ මුලු ජීවිතයම, දරුවාගෙ මුලු අනාගතයම තීරණය කරන ප්‍රධානම සාධකයක් බව ඔයා දන්නවද? මනෝ වෛද්‍ය විශේෂඥවරු කියන්නෙ එහෙම.
  • ඉතින් ඔයා කොහොමද ඔයාගේ දරුවගේ ජීවිතයේ වැදගත්ම කාලය හොඳට, පලදායී, වැඩදායී විදියට පාවිච්චි කරන්නේ?
  • මේ වැදගත්ම කාලයේදී ඔයා මොනවද දරුවට කියලා දෙන්න ඕන?
  • මේ කාලෙදි දරුවට කියලා දෙන්න හොඳ නැති දේවලුත් තියෙනවද? (ඔව් තියෙනවා. ඒක ගොඩක් වැදගත් ප්‍රශ්නයක්)
  • ඔයා කොහොමද දරුවගේ ජීවිතයේ වැදගත්ම කාලයේ දරුවාගේ මනස වර්ධනය කරන්න දායක වෙන්නේ?
  • නොදැනුවත්ව ඔයා දැනටත් කරන සමහර දේවල් දරුවගේ මනසට නරක විදියට බලපානවත් ඇති නේද? (අනිවාර්යයෙන්ම)
  • ඒ මොනවද?
දැන් කාලේ ඉස්සර වගේ නෙමේ. සරල පහසු ජීවිත නෙමේ. හරි සංකීර්ණ ජීවිත. කාර්ය බහුල ජීවිත. ගොඩක් වෙලාවට දරුවගේ අම්මා තාත්තා දෙන්නම දවල්ට ගෙදර නෑ. දරුවා ගාව ඉන්නේ නැනී. එක්කෝ දරුවා "ඩේ කෙයා" එකක.

මෙහෙම වෙනකොට ඔයාගේ හිතට එන්න පුළුවන් තවත් ප්‍රශ්න තමයි
  • දරුවා සහ ඔයා අතර බැඳීම ශක්තිමත්ද? කියන එකයි,
  • දරුවා වැඩිහිටියෙක් වෙලා කාර්ය බහුල වෙලා ඔයා වයසට ගිය දවසක දරුවා ඔයාව වැඩිහිටි නිවාසයකට ගෙනිහින් දාන එකක් නැද්ද? කියන එකයි.
මේ ප්‍රශ්න 2ට ඔයා කැමති විදියෙ පිළිතුරු ලැබෙන්න ඕන නම් ඔයාට ඇත්තටම ඔයාගේ දරුවා ගැන හිතන්න වෙනවා. දරුවව හදන එක පිට මිනිස්සුන්ට, සමාජයට බාර දීලා දුක් වෙන්න එපා. ඔයාගේ දරුවව හොඳ දරුවෙක්  විදියට හදන වගකීම ඔයාගේ අතට ගන්න. ඔයාට පුළුවන් දරුවට හොඳ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වෙන්න.

  • ඔයා දරුවව හොඳ දරුවෙක් විදියට හදන්න දන්නැද්ද?
දුක් වෙන්න ඕන නෑ. නැණවත් මව ඉන්නෙ ඒකට.

ඔයා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ගැබිණි මවක් නැත්නම් තාම ඔයා දරුවෙක් ගැන හිතලා නැති කෙනෙක් නම් මේ ටිකත් ඔයාට වැදගත්. 

අතීතයේ දී වගේ නෙමේ, වර්තමාන සමාජයේ කාර්යබහුල වැඩ කාලසටහන් නිසා දෙමව්පියන්ට, විශේෂයෙන් මව්වරුන්ට තමන්ගේ ළදරුවන් හා දරුවන් සඳහා වැය කිරීමට වැඩි කාලයක් ඇත්තෙත් නෑ. ගොඩක් යුවළයන් විවාහ වූ ගමන්ම ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වෙන්ව පදිංචියට යන නිසා උපතේ සිටම දරුවෙකු පෝෂණය කරන්නේ කොහොමද කියලත් වැඩි අවබෝධයක් නෑ. ඒ නිසා ඔයත්/ඔයාලත් එහෙම තරුණ යුවළක් නම් තමන්ගේ දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් කලට වෙලාවට අවශ්‍ය දැනුම ලබා ගැනීමට බැරි වෙනවා. එනිසා දරුවන් පෝෂණය කිරීමේදී විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුවෙනවා.

ඒ විතරක් නෙමේ සමහර නරක සමාජ ප්‍රවණතා සහ නරක ආහාර සංස්කෘතිය නිසා අපේ රටේ දරුවන් නිසි පරිදි පෝෂණය කිරීමේ අභියෝගයට ඔයා පෙර සූදානමක් සහිතව මුහුණ දීමත් ගොඩක් වැදගත්.

ඉතිං අද කාලේ මේ තියෙන ගැටළු වලට හරියාකාරව මුහුණ දෙන්නත්, ඔයාගේ දරුවව මුල ඉඳලම හොඳ දරුවෙක් විදියට හදා වඩා ගන්නත් ඕන නම් ඔයත් නැණවත් මවක් වෙන්නම ඕන. ඔයාගේ දරුවව යහපත් දරුවෙක් විදියට හදා වඩා ගත්තොත් ඔයාටම දවසක සතුටු වෙන්න පුළුවන් ඔයා සමාජයට වැඩදායී, යහපත්, බුද්ධිමත් මිනිසෙක් මේ ලෝකෙට බිහි කළා කියලා. නැණවත් මවක් විදියට ඔයා වැඩ කළොත් ඔයාගේ හීනය හැබෑ කරගන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්.
  • ඉතිං කොහොමද ඔයා නැණවත් මවක් වෙන්නේ?
ඔව්. නැණවත් මව කණ්ඩායමේ අපි ඉන්නේ ඒකට. නැණවත් මව කණ්ඩායමේ අපේ අරමුණ රටේ යහපත්, බුද්ධිමත්, නිරෝගී දරු පරපුරක් බිහි වෙනවා දකින එක. ඒ සඳහා ඔයාව නැණවත් මවක් කරන එක තමයි අපේ මූලික පරමාර්ථය. ඒ කියන්නේ ඔයාව නැණවත් මවක් කරන්න ඕන කරන දැනුමින් ඔයාව පෝෂණය කරනවා.
ඔයාගේ දැනුම වර්ධනය කරන නැණවත් මව අපේ කණ්ඩායම මේ ආකාරයේ වෘත්තීය නිපුණයින් රැසකගෙන් සමන්විතයි.

1. දොස්තරවරු
2. උපදේශකවරු
3. පාසල් ගුරුවරු
4. නීතීඥවරු
5. මනෝ චිකිත්සකවරු

නැණවත් මව යෙදුමේදී, ඔයාට පහත දැක්වෙන කාණ්ඩ 5 ක් පිළිබඳ දිනපතා ලිපි ලැබෙනවා.

1. මවක් වීමට සිතන ඔබට
2. ගර්භණී මවක් වන ඔබට
3. කිරිකැටියාගේ මුල් වසර
4. බබා පාසල් යන තෙක්
5. හැදෙන වැඩෙන දරුවා

මීට අමතරව අපි ඉතා ඉක්මණින් නැණවත් මව යෙදුමට නව විශේෂාංග කීපයක්ම එකතු කරන්න සැලසුම් කරනවා.

ඉතින් ගර්භණී මව්වරුන්, මව්වරුන්, විවාහක සහ විවාහ වීමට බලාපොරොත්තු වන යුවළයන් සඳහා දරුවන් හරියාකාරව පෝෂණය කරන ආකාරය ගැන ගැබ් ගැනීමටත් පෙර සිටම දෙමව්පියන් වීමට සූදානම් විය යුතු ආකාරය පිළිබඳවත් ඔයාගේ දරුවව හරි පාරේ ගෙනියන්නේ කොහොමද කියලාත් අපි ඔයාට කියලා දෙන්නම්.

දිගටම නැණවත් මවත් එක්ක රැඳී ඉන්න.
ඔයාගේ හීනය වෙනුවෙන් ඇප කැප වෙන අපි නැණවත් මව කණ්ඩායමයි.

ඔයාගේ ෆෝන් එකට නැණවත් මව ඇප් එක දාගන්න පහත පියවර අනුගමනය කරන්න. 

ඔයාගේ ෆෝන් එක Android එකක් නම් දැන්ම Play Store එකෙන් ඇප් එක Download කරගන්න මේ Link එකට ගිහින්.


* ඔයාගේ ෆෝන් එක Apple iOS තියෙන ෆෝන්එකක් නම් හෝ,
* ඔයාට ස්මාට් ෆෝන් එකක් නැත්නම් හෝ,
* ඔයා කොම්පියුටර් එකේ වෙබ් බ්‍රවුසර් එක පාවිච්චි කරන්න වඩා කැමති නම්

ඔයාට පුලුවන් අපේ Web Application එක පාවිච්චි කරන්න. මේ Link එකට ගිහින් ඔයාටත් පුලුවන් නැණවත් මවගේ සේවාව ලබා ගන්න.

ඔයා රැස්කර ගන්නා සියලු දැනුම ඔයාගේ දරුවා හරියාකාරව සෞඛ්‍ය සම්පන්නව පෝෂණය කිරීමටත් රටට වඩා හොඳ පුරවැසියෙකු බවට පත් කිරීමටත් ප්‍රයෝජනවත් වේවි.

වැදගත් - ඇප් එක ඉන්ස්ටෝල් කරලා මුලින්ම "හැඳින්වීම" තුළ තියෙන "ඇප් එකේ අන්තර්ගතය හා භාවිතා කරන හැටි" ගැන තියෙන ලිපිය කියවන්න මතක ඇතුව.